නිල් අහස් කුසෙහි
සරා සඳ නැඟෙන දිනක
කැස්බෑවෙකු විය සිදුරෙන්
එළිය බලන්නා සේ
ලබා ගත් මේ මනුසත් බව
සැබවින්ම මායාවක්ද?
කාසි කොළවලට යටවුණු
බාහිර හුදු අටෝපයෙන් යටව ගිය
සිත්හි මනුදම් නැතිව යන
යමකු පරයා නැඟීසිටින්නට
වෙර දැරීමද සැබෑ ජීවිතය
හති වැටී මං මුලා වූ විට
සොයයි සරණක්
තොරක් නොමැති මේ ජීවතේ
බුදුන්ගේ සරණ මිස
වෙන අන් සරණක්ද?
ජිවිතය මේ යැයි
අහස උසට නැඟි බලාපොරොත්තු
තුරුලු කර ගිය ජීවිතේ
කාසි මත පදනම්ව
ගෙවු ඒ කාලයේ
මතක සටහන් වල
ඉතිරිව ඇති එකම දෙය
“පමා වී වැඩිය ජීවිතේ“
විදවන්නට නොව විඳින්නට
