පරිගණකය අද වන විට ඉතාමත් හුරු පුරුදු වචනයකි. නමුත් අද අපි දකින මෙම පරිගණක බිහිවීම සඳහා බොහෝ කාලයක් ගත විය. එසේම ඒ සඳහා බොහෝ පිරිසක් තම දායකත්වය ලබා දුන්හ. ඒ අතරින් මේ සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් එක් පුද්ගලයකි ඉංග්‍රීසි ජාතික Charles Babbage.වර්ෂ 1882 දී ඔහු විසින් පළමු යාන්ත්‍රික පරිගණකය සඳහා අවශ්‍ය කරන ආකෘතියක් නිර්මාණය කරන ලදී. එය "Difference Engine" ලෙසින් නම් කරන ලද අතර එහි ආකෘතිය පහත දැක්වේ.
කාර්මීකරණයත් සමඟ විවිධ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වූ අතර ප්‍රංශ ජාතික Joseph Jacquard විසින් 1801 දී පමණ යාන්ත්‍රික රෙදි වියන යන්ත්‍රය නිර්මාණය කරන ලදී. සිදුරු කරන ලද කාඩ්පත් භාවිතය මඟින් රෙදි වල විවිධ රටා මැවීමට ඔහු සමත් ව්ය. විසින් 1883 දී පමණ නිර්මාණය කරන ලද (Analytical Engine) ඇනලිටිකල් යන්ත්‍රය සඳහා මූලික අඩි තාලම වැටුණේ ඉහත කී යන්ත්‍රය පිළිබද ඔහු තුළ ඇති වූ උනන්දුවයි. නමුදු එම අවධියේ පැවති තාක්ෂණ දැනුමෙන් ඔහුට ඔහු සිතූ ආකාරයේ Analytical Engine නිපදවීමට අවස්ථාවක් උදා නොවීය. ඔහු විසින් නිර්මාණය කිරීමට උත්සහ කලAnalytical Engine පහත දැක්වේ.
මෙහි ඇති විශේෂ ලක්ෂණ වන්නේ එහි දත්ත ආදානය(Input ),තැම්පත් කිරීම(Storing ), සකස් කිරීම (Processing ) සහ ප්‍රතිදානය(Output ) යන කාර්යන් සිදු කිරීම සඳහා අවශ්‍ය උපාංගයන් ඒ තුළ නිර්මාණය වී තිබීමයි. පසුකාලීන නිර්මාණය කරන ලද පරිගණකය සඳහා චාල්ස් බැබේජ්ගේ මෙම සංකල්පය බොහෝ සේ ඉවහල් වූ අතර ඒ නිසාම ඔහු පරිගණකයේ පියා ලෙසින් සලකනු ලබයි.
No comments:
Post a Comment