Friday, January 13, 2012

හැර ගියා වූ බලාපොරොත්තුව

“නිමල් මයෙ පුතේ නඟිටපන්. දැන් වෙලාව පාන්දර පහටත් කිට්ටුයි පුතේ‘‘ යැයි උස්හඩින් කී සුමනාවතී ආප්ප තාච්චියට ආප්පයක් වත් කළාය.
               ‘‘ආ.......පුතා නැඟිට්ටද? ලොක්කියේ මල්ලිට තේ කහට එකක් වත් කරලි දියන්‘‘ යැයි සුමනාවතී කීවේ නිමල් ඇඟමැලි කඩමින් කුස්සියේ දොර ළඟ සිටගෙන ඉන්නා අයුරු දැකීමෙනි. කට සෝදා ගත් නිමල්ට තේ කහට කෝප්පය හා ආප්ප දෙකක් දුන් මයුරි ලිප ළඟට කිට්ටු වූයේ අම්මා උයා ඇති ආප්ප ටික කඩයට දැමීමට සුදානම් කරනු පිණිසය.
             පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මෙමස මුහුණ දීමට සිටින නිමල් ගමේ පාසලෙන් ඉගෙනුම ලබයි. ඔහු ඉතා දක්ෂ සිසුවෙකි. නොයෙකුත් දුක් කම්කටොලු මැද ජීවිකාව ගෙවන නිමල්ගේ පවුලට එකම පිළිසරණ වූයේ තම මව වන සුමනිවතී දහඩිය කඳුලු වගුරවා සාදන කඩයප්පමි විකුණා ලබන සුලු ආසායම පමණි.
       ‘‘මයෙ පුතේ කඩයප්පම් ටික නම් හරි. මේ ටික එහෙනම් කළු මුදලාලිට දීලා වරෙන්.‘‘ යැයි කී සුමනාවතී කඩිමුඩියේ දිව ගියේ ලිප තබා ඇති ඉතිරි ඉඳිආප්ප ටික බෑමටය. කඩෙඅප්පම් වට්ටිය ගත් නිමල් නිවසින් පිටව වෙල් යාය දිගේ ගමන් කරන්නට විය. ඉඳි කටු මෙන් මහ පොළවෙන් ඉහළට නැඟී ඇති ගොයම් පැළ අග වූ පිනි බිංදු අවරදිගින් නැඟී එන හිරු ගෙන් දිලිසෙනේනේ මුතු කැට මෙනි.ඊට ඉහළින් ගිරව් රෑන්,කොක් රෑන් ආකාසේ රටා මවමින් ඉඟිළ යනු දුටු නිමල් උන්ට අත වැනීය.ෙමවන් සුන්දර  වූ වටපිටාව දුටු නිමල්ෙග් සිත ෙමාෙහාතකට නැවතුණි.ඔහු මනසින් ෙකාකුන් හා පියාඹා ගිෙය්ය.ෙකාක් හඬින් පියවි ෙලා්කයට පැමිණි ඔහු කඩිමුඩිෙය් දිව ගිෙය්ය.
                  ''ෙමාකද උඹ අද පරක්කු.ඒත් මං බැලුවා අද කෙඩඅප්පම් නැතුවද්ෙදා් කියලා.'' කී මුදලාලි කෙඩ් ඉදිරි පස ෙකෙසල් කැනක් ඒල්ලු ෙව්ය.''ෙකා් අරන් වෙරන් ඔය වට්ටිය .ඊෙයත් ඔන්න ඉදිඅාප්ප ටිකකුයි අාප්ප ටිකකුයි ඉතිරි වුණා.අදවත් ඔක්ෙකාම විකිෙණයිද දන්නෑ.''
                    ''මුදලාලි,ඊෙය ඒවෙග සල්ලි අම්මා ඉල්ලෙගන ඒන්ට කිව්වා.'' බැගෑපත් හඬින් කී නිමල් හිස් වට්ටිය අතට ගත්ෙත්ය.''අද හවසට වෙරන් එතකොට දවස් දෙකේම සල්ලි එකට දෙන්ට බැරියැ‘‘ කී මුදලාලි කඩේ තුළට ගියේය.අඩියට දෙකට පැමිණි නිමල් තම මවට මෙය පවසා පාසල් යෑමට සූදානම් වූයේය.
                    ‘‘ඔය මිනිහා ඔහොම්මමයි. තුට්ටු දෙකට තමයි ගන්නෙත් මගෙ කඩෙඅප්පම් ටික එහෙව් එකේ  සල්ලි දෙන්නෙත් බාලගිරි දෝෂෙ වගේ නොවැ.‘‘ යැයි සුදනාවතී කීවේ දැඩි කලකිරීමෙනි.
                  ‘‘අම්මේ මං ගිහින්  එන්නම්.‘‘ කී නිමල් තම මවගේ දෙපා වැන්ඳේය.‘‘ආ....මයෙ පුතේ මේක ගනින් විවේකයක් දුන්නම කන්ට බැරියැ‘‘ කී ඇය තම පුතුගේ හිස පිරිමැද්දේය.
               පිලේ ඇති බූරු ඇඳෙහි තවම නිදා සිටින තම පියා වෙත ගිය නිමල් ‘‘මං යනවා තාත්තේ‘‘ කියා දෙපා නැමදීය.‘‘හ්ම්....‘‘ කියූ ගුණසේන අනෙක් පස හැරී නැවත නිදන්නට විය.‘‘අක්කේ මං යනෝ‘‘ යැයි උස්හඬින් කී නිමල් වැට අද්දර වූ තම යහලුවන් සමඟ එකතු විය.නිමල්ගේ කට හඬ ඇසී කුස්සියේ සිට පැමිණි මයුරි පිලේ වූ කණුවට හේත්තු වී තම මල්ලී හට අත වැනීය. තම ආබාධිත නැගණිය බලා ගැනීමට කිසිවෙකු නොමැති වූ හෙයින් තම අධ්‍යාපනය නැවැත් වූයේ ඇය 9 වසර සිටින විටය.
                   ‘‘ලොක්කියේ පොඩි එකී නැඟිටිලා වගේ‘‘ යන හඬින් පියවි ලෝකයට පැමිණි මයුරි කඩිමුඩියේ  තම නංගි වෙත පියනැඟීය.කඩෙඅප්පම් උයා ඉවරවුණු සුමනාවතී ඒවා වට්ටියට දමා අනෙක් කඩවලට දැමීමට යෑමට සූදානම් විය.හිසට වට්ටිය ගත් ඇය  පිලට පැමිණෙන විට පිලේ නිදා සිටි ගුණසේන  අවදි වී මයුරි දුන්  තේ කහට එක බොමින් සිටියේය.‘‘උබ හැමදාම ඔහොම පලයන්. මං කී දොහක් කිව්වද ඔය ලොකු කොල්ලව ගෙදර නවත්තලා අර මුදලාලිගේ කඩේට ගිහින් දාන්ටය කියලි. කෝ ඉතින් උබ අහන එකක් ඈ,ඔවුන්ට ඉගැන්නුවා කියලා දිසාපති උන්නැහෙ කරන්ට යෑ.ආ..මං කියන්නේ බොරුද?
           ‘‘ඔව් ඉතිං උබට නම් මොකද? ලැජ්ජ නැද්ද මිනිහො ළමයිගෙන් හම්බ කරගන්ට. ලොකු එකීගේ මදිවට පොඩි එකීගෙත් ඉස්කෝලෙ ගමන නවත්තන්ටලු. මට පුලුවන් හැටියට උන්ට කන්ට දීලා උගන්නනවා. උන්වත් මේ අපායෙන් ගැලවෙන්නෙ නැතෑ.‘‘ කී සුමනාවතී දුක්මුසු මුහුණින් යුතුව නැවත ගමන ආරම්භ කළාය. නිමල්ගේ පියා උදේ කෙසේ හෝ කුලී වැඩක් සොයා ගන්නා නමුත් එයින් ලබා ගන්නා තුට්ටු දෙකද හවසට තැබෑරුමට වියදම් කරන්නේය. පසුව නිමල්ට පාඩම් වැඩ කිරීමට ඉඩ නොතබින් කෑ කෝ ගසන්නේය. මෙය දන්නා නිමල් ඔහු ඒමට පෙර තම පාඩම් වැඩ අවසන් කොට නින්දට ගොස් පාන්දර අවදි වන්නේය.
                           ‘‘නිමල් අද ගෙදර යන්න කලින් මාව හම්බවෙලා යන්න.‘‘යැයි නිමල්ගේ ගුරුතුමිය වන මාලිනී මිස් පැවසුවේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රෙය් ලකුණු දෙන අතරතුරදීය.එහි වැඩිම ලකුණු ලබා සිටියේද නිමල්ය. පාසල අවසන් වීමේ සීනුව නාද ව්ය. ගාථා කී අවසන් වූ නිමල් මාලනී මිස් හමුවීමට පංති කාමරයේ නතර විය. පොතක් අතින් ගෙන පැමිණි ඇය ‘‘ආ...මෙන්න නිමල්ට මගෙන් පොඩි තෑග්ගක්.මේකෙ තියෙනවා පහුගිය ශිෂ්‍යත්ව පේපර්ස් වගයක් ඔයා මේවා හරියට කරලා මට පෙන්නන්න ගේන්න. අදම පටන්ගන්න නිමල්.‘‘ කී මිස් නිමල්ට පොත දුන්නේ ඔලුව අත ගා සිනා මුසු මුහුණෙනි. කිසිත් කර කියා ගැනිමට නොහැකිව සතුට්න් පිරී ගිය ඔහු තම මිස්ගේ දෙපා නැමැද තම නිවස වෙත ගියේ මිටින් හල කුරුල්ලෙකු ලෙසිනි. වෙල්යායවල්,ඇළදොළ,කුරුල්ලන් සමග නිබදව කථා කරන නිමල්ට අද අලුත් දෙයක් ඔවුනට කියන්නට තිබුණි. නිම්හිම් නැති සතුටින් ඔහු නිවසට පැමිණියේ ඇසිල්ලකිනි.
            පිල මත සිටින සුමනාවතී ලස්සන රටා මවමින් පැදුරක් වියන්නට විය.කඩුල්ලෙන්  පඅව වේගයෙන් එන පුතා දුටු ඇය මහත් සේ කලබල වී එකවර නැගිටියාය.‘‘මයෙ පුතේ මොකද මේ....උබ මේ හති දමාගෙන කවදාවත් නැතුව ‘‘ කී ඇය නිමල්ගේ ඔලුව අත ගා තුරුළට ගත්තාය.‘‘නෑ....නෑ... මගෙ අම්මේ අද........හ්ම් හ්ම්......අද අපෙ........අද අපෙ ඉස්කෝලෙ මිස් මට තෑග්ගක් දුන්නනේ.මේ.....ලස්සන පොතක් අම්මේ.‘‘ නිමල් තම මවට බෑගයේ තිබූ ඒ පොත ගෙන පෙන්වූයේ නිම් හිම් නැති සතුටිනි.‘‘මේකෙ තියෙන්නේ පේපර් වගයක් අම්මේ. අපේ මිස් කිව්වා මේක කරලා හැමදාම පෙන්නන්න කියලා. අද මට ලකුණු 176 යි අම්මේ.මිස් කිව්වා හොදම හොදයි කියලා.තව දවස් 20 වත් නෑනේ විභාගෙට‘‘ කියමින් ඔහු පිටකවරය සෙමින් පිරිමැද්දේය.
 ‘‘මයෙ පුතාට වරදින්නෑ පුතේ.අපි කාටවත් වරදක් කරලා නෑ.අපිට කවදාහරි හරියනවා අපේ පරම්පරාවට නැතත් උබලටවත්‘‘ කී ඇය සුසුමක් හෙලුවාය.
                   පොත ගත් ඔහු එය තම අක්කාට ,නංගීට පමණක් නොව කුරුලු යාලුවන්ට,රත්තිට,කලුවාට මේ පොත ගැන කියන්නට විය.
            රත්ව ගිය යකඩයක් මෙන් අහස් ගැබේ බටහිර සිටින හිරු හෙමින් හෙමින් බැස යන්නේ තම සොයුරු සඳු ආනිසයට දායාද කරමිනි. රාත්‍රියට සඳ එළිය පමණක් පිහිටට සිටින නිමල්ගේ ගමට කුප්පි ලාම්පුව නිවසට එළිය ගෙනෙන්නට විය. බුදුන් වැඳ පාඩම් වැඩ කරමින් නිමල් මැද සාලයේ සිටින්නේය.සුමනාවතී හා ලොක්කී කුස්සියේ රාත්‍රි ආහාරය සකසමින් සිටින්නාහ. චුටි නිමල් ළග තම බෝනික්කා සමග සෙල්ලම් කරමින් හිදියි.
                       ‘‘නංගි ඔයා ඔහොම ඉන්න. අපි මේ පොතට කවරයක් දාමු.මම ඉක්මනට කැලන්ඩර් කොළයක් ගේනකම් ඔයා ඔහොම ඉන්න හොදේ.‘‘ කී නිමල් කාමරයට දිව ගියේය. කිසිත් තේරුම් ගත නොහැකි වූ චූටි අයියා දිහා බලා නැවත සෙල්ලම් කරන්නට ව්ය.
                              ''අම්ෙම් අර නිදාගන්න කාමරේ තියෙන ඔරලෝසුව මං ටිකක් ගන්ටද?,''
කීෙව් ඔහු ෙපාතට කවරය දමා ඒහි තම නම ලියන අතරතුරදීය. ''බලාෙගන පුටුව උඩ නගින්ෙන් ඔය කුප්පි ලාම්පුව ෙපරෙලයි.මයෙ පුෙත් දැන් වැඩ කරන්ට ඉස්ෙසල්ලා කාලා හිටපන්.මං කරවල ෙහාද්දකුත් හැදුවා උඔ අාසයිෙන්.චූටිත් ඒක්ක වරෙන්.''
          කෑම කා අවසන් වු නිමල් ඉක්මනින් ෙම්සය මතට ෙගාස් වැඩ අැරඔුෙව්ය. චුටි හා ෙලාක්කී කරන්නට කිසිත් ෙනාමැති ෙහයින් නිදන්නට විය. සුමනාවතී පිල මත හිද පැදුෙර් ඉතිරි ටික වියන්නට විය. කඩුල්ල ෙදසින් පන්දම් ඒළියක් දිස් විය. ඒ තමාෙග් සැමියා බව සුමනාවතී දැන ගත්ෙත් හැමදාමත් බීෙගන ඒන විට කෑගසනා බැවිනි. නිමල් ඒකවරම පුටුව අැද නැගිටින්නට විය. ඒ ශබ්දය අැසුණු සුමනාවතී ''උඔ ඉදෙගන වැඩ කරපන්. මං ඉන්නවෙන් ෙමතන''
    '' ෙමානවද ෙබාල ෙයා්දිෙය් උඔ කරන්ෙන්'' පන්දම නිවා වැෙනමින් ඒන ගුණෙස්න පිලට ෙගාඩ වූෙය්ය.
          ''අැයි ෙප්න්ෙන නැද්ද මං කරන ඒක'' ''ඔව් උඔ හැමදාමත් පැදුරු වියපන්. කඩෙ අාප්පන් හදපන්. ඒ හැමෙද්ම වියදම් කරලා අරුට උගන්නලා ෙලාකු මහත්තෙයක් කරපන්. '' කී ඔහු මහ හඩින් සිනා සීය.''අදත් මගෙන් අැහුවා ෙකා් උඔ පුතා වැඩට ඒක්කම් ඒන්ෙන නැද්ද කියලා. මුචලාලි මට රු.500 දුන්නා පුතා ඒක්කම් ඒන්ටය කියලා.'' බූරු අැද උඩ ඉදගෙන ඔහු කීෙව්ය.
           ''චික් විතරක් ෙමහෙමත් මිනිස්සු. තමුන්ෙගම පුතා විකුණලා සල්ලි අරගෙන කට ෙගාන්නක් බීලා.'' කියමින් සුමනාවතී පැදුර අකුලාෙගන ඔහුට බත් ෙබදීමට කුස්සියට ගියාය.
 බූරු අැෙදන් නැගිට්ට ඔහු ෙග් තුළට ඒබී බලා නිමල් පාඩම් කරනු දැක ෙකා්පාවිශ්ඨ වී ඒක් විටම පැමිණ ''ෙතාට මං කිව්වා ෙන්ද ඔය ෙකහෙල්මල් ඉස්ෙකා්ෙල් නතර කරලා කඩෙ වැඩට යන්ට ලෑස්ති ෙවයන් කියලා. ෙකා් උඔ අැහැව්වද? ෙතාපි ඔක්ෙකාම ඒකයි ෙබාල.හිටපන් උඔට මං.....'' කියමින් ෙම්සය උඩ වූ ලාම්පුවට වැරෙන් පහරක් ගැසීය.
 සිදුවූෙය් කුමක්ද යන්න නිමල්ට ෙමන්ම කුස්සිෙය් සිට ලාම්පුව ෙපරලෙන හඩට දුවගෙන අා සුමනාවතී හටද සිතා ගත ෙනාහැකි විය. ගල් ගැසී අැස් ෙලාකු කරගත් නිමල් බිත්තියට ෙහ්ත්තු වී රූටා ගිෙය් ''ම...ෙය.....අ....ම්....ෙම්....'' කියම්න.

No comments:

Post a Comment